Latestක්‍රීඩා

ආසියානු කුසලාන T20 කාන්තා අවසන් තරගය අද

9 වැනි කාන්තා ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (28) පස්වරුවේ පැවැත්වෙයි.

ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ය.

අද පස්වරුවේ රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී එම තරගය පැවැත්වෙයි.

එහිදි මෙවර තරගාවලියේදී A කාණ්ඩයෙන් තරග බිමට පිවිසි ඉන්දීය කණ්ඩායම අපරාජිතව අවසන් තරගයේ සිය ස්ථානය වෙන් කර ගනිද්දී සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවනුත් මෙවර අවසන් තරගය සඳහා සිය ස්ථානය වෙන් කරගත්තේ අපරාජිත ගමනකින්වීම කැපී පෙනෙයි.

ඉන්දීය කණ්ඩායමක් ආසියානු කුසලාන අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත් 9වැනි අවස්ථාව වන අතර එහිදි ඉන්දීය ක්‍රීඩිකාවන් අවස්ථා 7කදී ආසියානු ශූරියන් ලෙස කිරුළ හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ආසියානු කුසලාන අවසන් මහ තරගයක් සඳහා අවස්ථා 6කදී සුදුසුකම් ලබා ගත් අතර ඔවුන් අවස්ථා 5කදී ආසියානු අනුශූරියන් ලෙස තරගාවලිය අවසන් කළේය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *