Latestදේශීය

රෝහිතට පානදුරදී විරෝධය

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ජනාධිපති කාර්යාලයේ හස්තයකින් බලපත්‍ර ලබාදීමට පිඹුරුපත් සකසා ඇතැයි කියන බණ්ඩාරගම අළුබෝමුල්ල කුරුස හංදිය රවුම් කඩය අසල ඇරඹීමට නියමිත රට බීමහලට විරෝධය පාමින් මහා සංඝරත්නය ප්‍රධානව මහජන විරෝධතාවයක් අද  (28) පෙරවරුවේ එම  ස්ථානයේදී පැවැත්විය.

සියලුම පක්ෂවල නියෝජිතයන්ද සහභාගි වූ එම විරෝධතාවය සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ද පැමිණි සිටියේය.

ඒ  අතරතුර  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු කළුතර දිස්ත්‍රික් නායක බණ්ඩාරගම  මිල්ලනිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ පැමිණීමත් සමගම ‘ තැබෑරුම් සඳහා අනුමැතිය ලබා දුන් පුද්ගලයන් සමග මොන විරෝධතාද ‘ යනුවෙන් පවසා  මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා  එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

විරෝධතාවය අතරතුරදී   එම ස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු ”  අද මෙතනට    දේශපාලනඥයෝ ඇවිල්ලා ඉන්නවා.ඒ දේශපාලඥයෝ ඇවිල්ලා ඉන්නේ දේශපාලනයේ මූන දාගන්න.   එක පෑන් පහරින්  පුළුවන් මේවා නතර කරන්න. එක පෑන් පාරෙන් පුළුවන් මේවා නතර කරන්න “යනුවෙන් මා හයියෙන් පවසා කෑ ගැසීමත් සමගම එම ස්ථානයේ තරමක උණුසුම්කාරී තත්ත්වයක් ඇති වු අතර  පොලිසිය මැදිහත්ව එම පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් කරනු දක්නට ලැබිණි

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *