Latestවිදේශීය

චීන බුද්ධි අංශ චන්ද්‍රිකා තුන් ගුණයකින් ඉහළට

මෑත කාල­යේදී බුද්ධි අංශ හෝ හමු­දා­මය අර­මුණු සඳහා භාවිත කළ හැකි චීන කක්ෂ­ගත චන්ද්‍රිකා ප්‍රමා­ණය තුන් ගුණ­ය­කින් ඉහළ ගොස් ඇතැයි අමෙ­රි­කාවේ හමුදා නිල­ධා­රි­යකු වන එරට අභ්‍ය­ව­කාශ බළ­කායේ ජෙන­රාල් ස්ටීවන් වයිටිං ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගි­යදා කොලො­රාඩෝ ප්‍රාන්තයේ ඇස්පෙන් නුවර පැවති දේශ­න­යක් අම­ත­මින් අමෙ­රි­කානු අභ්‍ය­ව­කාශ බළ­කායේ ජෙන­රා­ල්ව­රයා මේ අනා­ව­ර­ණය සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. බුද්ධි තොර­තුරු, නිරී­ක්ෂණ කට­යුතු, ඉලක්ක වෙත ළඟා­වීමේ සහ ඔත්තු බැලීමේ අර­මුණු සඳහා චන්ද්‍රිකා සිය ගණ­නක් දියත් කර ඇති බව අමෙ­රි­කානු අභ්‍ය­ව­කාශ බළ­කායේ නිරී­ක්ෂ­ණ­යට ලක්වූ බවත් ඔහු සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

පසු­ගිය වසර 6 ඇතු­ළත චීනය එවැනි චන්ද්‍රිකා තුන් ගුණ­ය­කින් වැඩි කර ඇතැයි ද, ගෝලීය තොර­තුරු ලුහුබැඳී­මට සහ ඉලක්ක කිරී­මට අවශ්‍ය පසු­බිම එම­ඟින් නිර්මා­ණය කර ඇතැයි ද අභ්‍ය­ව­කාශ බළ­කායේ ජෙන­රාල් ස්ටීවන් වයිටිං වැඩි දුර­ටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *