Latestදේශීය

ජනාධිපතිවරණ නීති තදින්ම – රාජ්‍ය නිළධාරින්ට විශේෂ චක්‍රලේඛයක්

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ රාජ්‍ය නිලධාරීන් සහ ආයතන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඉදිරි දින කිහිපය තුළ එම චක්‍රලේඛය නිකුත් කරන බව මැතිවරණ ‍කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේය.

මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දී රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සහ ආයතනවල කටයුතු පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව උපදෙස් එම චක්‍රලේඛයෙන් දැනුම්දීමට නියමිතය.

අදාළ චක්‍රලේඛය මේ වනවිට සකස් කෙරෙමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සියලු සාමාජිකයින්ගේ අත්සනින් යුතුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට සඳහා අවශ්‍ය නියෝග සහ උපමාන ද එම චක්‍රලේඛය මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ඊට අමතරව මාධ්‍ය ආයතන ද ජනාධිපතිවරණ කාලසීමාව තුළ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද එම චක්‍රලේඛයෙන් දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *