රනිල්ට බහුතරය – පොහොට්ටුවට 15ක්වත් නැහැ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩු පක්ෂයට සහාය දක්වන මැති ඇමතිවරුන් අතරෙන් 102ක පමණ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඔවුන් මේ වන විටත් ජනාධිපතිවරයා සමඟ ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවීම සම්බන්ධයෙන් සහ අදහස් හුවමාරු කර ගනිමින් සිටිති.
ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ජන රැලි සඳහා ඉන් මන්ත්‍රීවරුන් හැටකට ආසන්න පිරිසක් දැනටමත් ගොඩ වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල තීරණය මත ඔවුන් තම පෞද්ගලික තීරණද ගැනීමට සූදානමින් සිටී.
පොදු ජනපෙරමුණ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කළහොත් මෙම මන්ත්‍රීවරුන් සියලුම දෙනා ජනාධිපතිවරයාට සහාය දැක්වීමට සූදානමක ඇත.
පොදුජන පෙරමුණේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එකසිය විස්සකට ආසන්න ප්‍රමාණයෙන් පක්ෂයේ මතය සමග සිටින මන්ත්‍රී ප්‍රමාණය විස්සකට වඩා අඩු ප්‍රමාණයක් බවත් එම පිරිසෙන් ද වැඩි පිරිසක් සිටින්නේ පක්ෂයේ අවසන් තීරණය මත තම පුද්ගලික තීරණය ගැනීමට යැයිද දැනගන්නට තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

