Latestදේශීය

දැනට තුනට කැඩුණු “අත”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට කෑලි තුනකට කැඩී ගොස් ඇත.

ඒ එහි නියෝජිතයන් කණ්ඩායම් තුනකට බෙදී ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුට උදව් කරන බව ප්‍රකාශ කිරීමත් සමගයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ව තෝරාපත්කරගෙන ඇති අතර ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්කර අවසන්ය.

තමාට නිශ්චිත ඡන්ද ප්‍රතිශතයක් හිමිවන බව අධිකරණ අමාත්‍යවරයා තරයේම විශ්වාස කරන බව පෙනී යයි.

කුලය මත පදනම්ව ඡන්දය ප්‍රකාශකිරීම වර්තමානයේදී ද අප්‍රසිද්ධ තලයේ ක්‍රියාත්මක වන්නකි.

එමෙන් ම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට උදව් කරන බවට ප්‍රකාශ කර ඇති අතර දයාසිරි ජයසේකර මහතා සමග ජන බලවේගයේ අපේක්ෂකයාට උදව් කරන බව වාර්තා වී ඇත.

මේ අතර පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ පවසන්නේ  ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ දෙකඩ කිරීමේ කාර්යය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරන බවත් ඔහු එය කරන්නේ පුරුද්දට බවත් ය.

නාමල් රාජපක්ෂ ට උදාහරණ ලෙස පවසන්නේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම මේ වනවිට තම පක්ෂයට ද එය සිදුකර ඇති බව පෙන්වා දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි වලට ගැලවීමේ වගකීම හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග වෙතද එල්ල ව ඇති අතර එය රනිල් වික්‍රමසිංහ නැවත බලයට ගෙන ඒමට සිදුකළ ක්‍රියාදාමයකැයි තවත් පිරිසක් චෝදනා කරති.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා 31 වැනි දා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ උපසභාපති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඒ අතරම නිත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම කණ්ඩායම බවත් පක්ෂ මූලස්ථානය තියෙන්නේද තම කණ්ඩායම අතේ හෙයින් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවට ඇතැමුන් කරන ප්‍රකාශ පිළි නොගන්නා බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර අද (29) සවස පොහොට්ටු පක්ෂයේ තීරණය වෙනුවෙන් පක්ෂ හමුවක් පැවැත්වෙන බවද වාර්තා වේ. එම පක්ෂය දෙකඩ වීම වලක්වා ගනීවිද නැතහොත් දෙකඩ වී යන්නේ ද යන්න අද පස්වරුවේ තීරණය වනු ඇත.

විචාරකයින්ගේ අදහස වන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රධාන ධහරාවේ දේශපාලන පක්ෂ සියල්ලටම එකම ඉරණමක් උදාකර ඇත්තේ එකම නායකයෙක් බවය.

@slleader.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *