Latestදේශීය

රනිල් නිසා රාජපක්ෂවරු අතරත් ගැටුමක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වී තිබේ.

දීර්ඝ ලෙස පැවැත්වී ඇති එම සාකච්ඡාවේදී දැඩි වාද විවාද ද ඇතිවී තිබෙන බව දැනගන්නට ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දී ඊළඟ මැතිවරණයේදී පොදුජන පෙරමුණ වෙනම තරග කළ යුතු බවට වූ මතයකට එහිදී වැඩි නැඹුරු තාවයක් පෙන්වා ඇත.

මේ අතර එක් ප්‍රබල රාජපක්ෂවරයකු  සඳහන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර සහාය ලබාදීමට පක්ෂය තීරණය කළහොත් තමන් රටින් පිටවී යන බවය.

ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ ස්ථාවරය සම්බන්ධයෙන් සඳුදා දිනයේ ප්‍රකාශයට පත්කරන බව පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ජනාධිපතිවරණයේදී පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් තීන්දුව ගැනීම සඳහා සඳුදා දිනයේ  විධායක මණ්ඩලය කොළඹට කැඳවා ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *