තමන් සිටින තුරු රනිල්ට දිනන්න දෙන්නේ නැතිබව පොහොට්ටු ප්‍රභලයෙක් කියයි
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ රැස්විමෙන් පසු ඊට එක් වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇත.
ඒ කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ දේශපාලන කාර්යාලයේදීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙ පැවති මෙම හමුවේදී පැමිණ සිටි පොහොට්ටු මන්ත්‍රී පිරිස තීරණය කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමටයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුණගැසීමට ගිය එක් මන්ත්‍රීවරයෙකුට දුරකථනයෙන් ඇමතු පොදුජන පෙරමුණේ ප‍්‍රබලයෙකු පවසා ඇත්තේ මෙම ජනාධිපතිවරණයේදී සජිත්, අනුර කවුරු දිනුවත් තමන් ඉන්නාතුරු රනිල් වික්‍රමසිංහට දිනන්න ඉඩ නොදෙන බවයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

