Latestදේශීය

රත්වත්තේ අඩිපාරේ ගිය පොලීසියට වැඩ වරදී

අවම වශයෙන් පොලිස් පැමිණිල්ලක් පවා නොමැතිව පුද්ගලයෙකු අත්තඩංගුවට ගෙන දරුණු ලෙස පහර දී කෘෘර සහ අවමන් ආකාරයෙන් ක්‍රියා කළ තෙල් දෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රමුඛ නිලධාරීන් 10 දෙනෙකු වැරදිකරුවන් වී වින්දිතයාට වන්දි ගෙවන ලෙස මානව හිමිකම් සභාව නිර්දේශ කර තිබේ.

රුවන් ශාන්ත ප්‍රියදර්ශන නැමැති පුරවැසියා අත්තඩංගුවට ගෙන තෙල් දෙණිය පොලිසිය යාබද නිල නිවාසයකට ගෙන ගොස් 2023 ජනවාරි මස මුලදී කෘෘර ලෙස පහර දී තිබේ. ඔහු එක් කකුලක් කඩා ලිංගේන්ද්‍රියට නයි මිරිස් දිය කළ වතුර වක් කරමින් පහර දී ඇත.

මුලින් ම ලොහාන් රත්වත්තගේ නම අපරාධ සම්බන්ධයෙන් සඳහන් වීම ආරම්භ වූයේ උඩතලවින්න දස පුද්ගල සමූහ ඝාතනයත් සමඟ ය. මහනුවර දිස්ත්‍රික් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ද අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවෙකුගේ හිසට පිස්තෝලය එල්ල කර පහර දී තිබිණි. මෙවැනි අපරාධ ක්‍රියා කිහිපයක් පිළිබඳ චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබුණ ද මේ දක්වා නිසි දඬුවම් ලබා දී නොමැත.

ඔහුගේ අඩිපාරේ ගමන් කළ පොලිස් නිලධාරීන් හට වසරක් තුළ දී මානව හිමිකම් කොමිෂන් සභාව මෙම නිර්දේශ ලබා දී තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මහනුවර කාර්යාලයේ නිලධාරීන්ට එල්ල වී තිබුණු දේශපාලන බලපෑම් හමුවේ නිසි පරීක්ෂණ සිදු නොකළ බැවින් කොළඹ ප්‍රධාන කාර්යාලයට කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු වැරදිකරුවන් කිරීමේ නිර්දේශ ලබා දී ඇත. මූලික වශයෙන් වින්දිතයා හට රුපියල් 160,000ක වන්දි මුදලක් ගෙවන ලෙස නිර්දේශ කර තිබේ. ඊට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවේ පරීක්ෂණ වාර්තා අනුව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ක්‍රියා කරන ලෙස නීතිපතිවරයාට යොමු කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *