Latestදේශීය

කොළඹ වරායේ ආදායම පළමු කාර්තුවේ ඇ.ඩො. මිලියන 50 ඉක්මවයි

කොළඹ වරාය මේ වසර තුළ විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කරමින් මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය අමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබාඇති බවය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා ඒ බව සඳහන් කළේය.

මේ අතර ගුවන් සේවා මෙහෙයුම් ද 2023 වර්ෂයට සාපේක්ෂව මේ වසරේ දී සියයට 25ක ප්‍රගතියක් වාර්තා කර ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *