නාමල්ගේ පිල ජයගනී – රනිල් අතහරී
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එම පක්ෂයේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
කොළඹ විජේරාම පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ අද පැවති එම පක්ෂ විධායක මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් එසේ ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි තීරණයක් ගෙන නැත.
අද පැවති විධායක කමිටුව දැඩි උණුසුව් වාද විවාද ඇතිව තිබෙන බවත් වාර්තා වෙයි.
මෙහිදී දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82නෙකු සිටින අතර මෙයින් 79 ක් රැස්වීමට එක්ව සිටියහ.
ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ යෝජනාවට විරුද්ධ වූයේ පැමිණ සිටි සාමාජිකයින්ගෙන් 11 දෙනෙකු පමණි.
තවද පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සදහා සහය දෙන අයට විරුද්ධව විනය පියවර ගැනීම සදහා වූ යෝජනාවට විරුද්ධ වූයේ 06 දෙනෙක් පමණි.
අදාළ තීරණයට එළඹ ඇත්තේ දේශපාලන මණ්ඩලය තුළ ඡන්ද විමසීමකින් අනතුරුවය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

