පටන් ගන්නකොටම රනිල් පරාදයි
අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කර ගැනීමේ දී පොහොට්ටුවේ මන්ත්‍රීවරුගෙන් ලැබුණු ඡන්ද 134න් 59ක් හැලී ඇති බව මාධ්‍ය වාර්තාවලින් තහවුරු වේ.
අද (30) ලංකාදීප පුවත්පත පළ කර තිබෙන්නේ පොහොට්ටු මැති ඇමතිවරු 75 රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙන්නේ යැයි වජිර අබේවර්ධන පැවසූ බව ය. ඔහුගේ ප්‍රකාශයෙන් “තහවුරු වන්නේ රට ගොඩ ගත් නායකයා“ ආදී වශයෙන් පුරසාරම් ගෙන ගිය ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ම අභ්‍යන්තර වශයෙන් දරුණු පරාජයක් හිමි කර ගෙන බව ය.
එයට අමතරව රනිල් වික්‍රමසිංහ අධිකරණ පද්ධතියට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම සහ ඉන් බාහිරවත් “වියරු මිනිසාගේ“ රංගනයකට පණ පොවන බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ. රට “ගොඩ ගත්“ බව පවසමින් ගෙන යන මෙම ක්‍රියාමාර්ග රනිල් වික්‍රමසිංහ වෙත තක්සේරු කළ නොහැකි පරාජයක් ගලා දී ඇති බව යූටියුබ් අවකාශයේ මත පළ කරන විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
පොහොට්ටු පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ වෙත එක් වී සිටින මන්ත්‍රීවරුන් පාරාජිකා වූවන් බවත්, මහජනතාවගේ දැඩි විරෝධයට පාත්‍ර වී සිටින්නන් බවත් පෙන්වා දී තිබේ
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

