Latestවිදේශීය

බ්‍රිතාන්‍යයේ පිහිඇනුමකින් ළමුන් දෙදෙනෙක් මියයයි

බ්‍රිතාන්‍යයේ  සවුත්පෝර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

ළමා නර්තන වැඩමුළුවකදී එම පිහි ඇනුම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.

අදාළ පිහි ඇනුම සිදුකළ 17 හැවිරිදි පිරිමි ළමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුමන හේතුවක් මත පිහි ඇනුම සිදුකළේ ද යන්න අනාවරණය වී නොමැති අතර එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *