Latestදේශීය

මෛත්‍රීට එරෙහි වාරණය තවදුරටත් දීඝ කෙරේ

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින්ට නිකුත් කර තිබූ වාරණ නියෝග නවයක් ඔක්තෝබර් 09වෙනි දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(30) නියෝග කළේය.

ඇමති මහින්ද අමරවීර , ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක  මහත්වරුන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම හා එම තනතුරුවල වෙනත් පුද්ගලයින් කටයුතු කිරීම වළකාලමින්  මෙම වාරණ නිකුත් කර තිබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ  උප සභාපති මහින්ද අමරවීර,ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්වරුන් පැවරුන් නඩු තුනක් සලකා බැලීමෙන් පසුව පසුගිය   අප්‍රේල් මාසයේදී මෙම වාරණ නිකුත් කර තිබිණි.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන , සාරථි දුෂ්මන්ත,ෆයිසර් මුස්තාපා හා සරත් ඒකනායක යන මහත්වරුන්ට මෙම වාරණ නිකුත් කර තිබිණි .

විත්තියේ විරෝධතා ඔක්තෝබර් 09 දින ඉදිරිපත් කරන ලෙසට ද විනිසුරුවරයා දන්වා සිටියේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *