ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවට අනුමැතිය
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අනුකමිටුවේ අමාත්‍ය මණ්ඩල නිර්දේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට 2024-02-19 දින පැවති අමාත්‍ය රැස්වීමේදී අනුමැතිය ලබා දුනි
ඒ අනුව, එම කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර අවසන් බවයි කැබිනට් නිවේදනයේ සඳහන්.
එහිදී යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යස්ථාව විධිමත් පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා, විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා සහ මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව 29වනදා රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමත වී තිබෙයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

