Latestදේශීය

ග්‍රෑන්පාස් ද්විත්ව ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඝාතනය සිදුකළ වෙඩික්කරු, යතුරු පැදිකරු සහ ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ලගයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 26, 37 සහ 45 යන වයස් සීමාවල පසුවන ඔරුගොඩවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

පසුගිය 25 වනදා ග්‍රෑන්ඩ්පාස් වඳුලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීරණය ඉදිරිපිටදී ත්‍රීරෝද රථයක සිටි පුද්ලගලයෙකුට සහ කාන්තාවකට වෙඩි තබා එම ඝාතනය සිදුකර තිබුණි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *