Latestදේශීය

ඡන්ද ලක්ෂ 30ක් තවමත් පොහොට්ටුවට තියෙනවා – තිස්ස කුට්ටිආරච්චි

තම පක්‍ෂයට ජනාධිපති අපේක්ෂකයන් ලෙස ආර්ථික හා ව්‍යාපාරික ඇසකින් බලනවා නම් ධම්මික පෙරේරා මහතා මෙන්ම තරුණ හා ආර්ථික ඇසකින් බලන්නේ නම් නාමල් රාජපක්ෂ මහතා ද සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා සඳහන් කරයි.

පොදු ජන පෙරමුණට මේ වන විටත් ලක්ෂ තිහක ස්ථාවර ඡන්ද පදනමක් ඇති බවද පැවසූ ඔහු පසුගිය මැතිවරණයේදී පක්ෂයට ඡන්දය ලබා දුන් හත් දෙනෙකුගෙන් හතරක් වෙනත් මත දරමින් සිටිය හැකි බවද කියා සිටියේය.

මෙවර ප්‍රධාන අපේක්ෂකයන් හතර දෙනෙකු ජනාධිපතිවරණයට තරග කරන බැවින් පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන වාසනාවන්තයාට ජනාධිපති බවට පත්වීමේ හැකියාවක් ඇති බවද ඔහු තවදුරටත් පැවසුවේය.

පොදු ජන පෙරමුණ මුලස්ථානයේ පැවැති හමුවකින් අනතුරුව ඔහු මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *