Latestදේශීය

දේශබන්දුවම තියාගන්න ගිහින් රනිල්ට වෙච්ච දෙයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් නොකර වෙට්ටු දැමීමට ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ වෙත එම සියලු උපක්‍රම පාරාවළල්ලක් වී ඇති බව ආණ්ඩුවේ දිනමිණ පුවත්පතේ පළ කර තිබෙන ප්‍රවෘත්ති දෙකකින් තහවුරු වී තිබේ.

අද (31) දිනමිණ පුවත්පතේ පළ කර තිබෙන එක් ප්‍රවෘත්තියක “පොලිස්පතිවරයෙකු පත් කරන්නැයි මැතිවරණ කොමිසමෙන් ජනපතිට ලිපියක්“ යන සිරස්තලයෙන් දක්වා තිබේ. මුල් පිටුවේ ම තවත් ප්‍රවෘත්තියක සිරස්තලය “පොලිස්පති ධුරය ගැන කතානායක පැමිණි පසු විශේෂ හමුවක් – ජනපති තීරණය කරයි“ යනුවෙන් පළ කර තිබේ.

මෙම ප්‍රවෘත්ති දෙකෙන් තහවුරු වී තිබෙන්නේ පොලිස්පති ධුරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කිහිප දෙනෙකු අධිකරණයට එරෙහිව ගෙන ගිය ප්‍රචාර පාරාවළල්ලක් වී ඇති බව ය.

විශේෂයෙන් ම අගවිනිසුරු සහ කතානායකවරයා සාකච්ඡා කර මෙම ප්‍රශ්නය විසඳා ගන්නැයි රනිල් වික්‍රමසිංහ කර තිබූ ප්‍රකාශයට එරෙහිව නීතිවේදීන්ගෙන් දැඩි ප්‍රහාර එල්ල විය. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපති සහ කතානායක නම් කර තිබිණි. එසේ තිබියදී අධිකරණ විනිසුරුවරයෙකු වගඋත්තරකරුවෙකු සමඟ සාකච්ඡා කර ලබා දෙන තීන්දුව කුමක් දැයි දැඩිව ප්‍රශ්න කර තිබිණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *