Latestදේශීය

රනිල්ට විරුද්ධව පැමිණිළි කරයි

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

ඊයේ දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡාවකට අදාළව මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

එහිදී රාජ්‍ය දේපළ අවභාවිතාවක් සිදුව ඇති බවද මෙම පැමිණිල්ල මගින් කියා සිටී.

අභිනව නිවහල් පෙරමුණේ සභාපතිවරයා විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *