Latestදේශීය

කොතලාවලට සිසුන් බදවා ගැනීමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය සිසුන් බඳවා ගැනීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ. 

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය උපාධිය සඳහා සම්මත නිර්ණායකයන්ට පටහැනි ලෙස සිසුන් බඳවා ගැනීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහාචාර්ය අර්ජුන පරාක්‍රම ප්‍රමුඛ පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස ඊයේ (31) තීන්දු කර ඇත.

අදාළ පෙත්සම කරුණු වසන් කරමින් ගොනුකර තිබෙන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා විසින් මතු කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කර තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *