පොල් වගා ගැටලු කියන්න 1916 අමතන්න
පොල් වගාවට අදාළ සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා දෙන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.
ඒ අනුව පොල් වගාවට අදාල කවර ගැටලුවක් පිළිබඳව වුවද විමසීමට පහසුවන පරිදි ක්ෂණික දුරකථන අංකයක් ලබන සඳුදා සිට (අගෝස්තු මස 05) හඳුන්වා දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ.
මෙම ක්ෂණික දුරකථන අංකය 1916 වේ.
ඒ අනුව මෙම දුරකථන අංකය මගින් දැනුම් දෙන කවර ගැටලුවකට වුවද ක්ෂණික ප්‍රතිචාර දක්වමින් මහජන ගැටලු සඳහා අවශ්‍ය පිළිතුරු ලබා දීමට නිලධාරින් සූදානම් කර ඇතැයි ද පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති පණ්ඩුක වීරසිංහ මහතා පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

