Latestදේශීය

වැටඋඩ දිනේෂ් – උණුසුම් පවිත්‍රා – කෝ මේ විදුර

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී මේ වනවිට මුළුමනින් ම පාහේ අවුල් ජාලයකට පත් වී සිටින කැබිනට් ඇමතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් ඇති වී තිබේ.

අද (අගෝස්තු 01) දහවල් වන විට පවිත්‍රා වන්නිආරච්චිගේ නිවසට ගෙන්වා ගත් ආධාරකරුවන් අතර උණුසුම් වාද විවාද හට ගනිමින් තීරණයක් ගත නොහැකිව සිටින බව වාර්තා වී තිබිණි. ඒ අතර අගමැති දිනේෂ් ගුණවර්ධන සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත ප්‍රමුඛතම පුවතින් පළ කර තිබුණේ “පොහොට්ටුවද? රනිල්ද? දිනේෂ් වැට උඩ“ යනුවෙනි.

මේ අතර බුද්ධ සාසන ආගමික කටයුතු හා සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක පිළිබඳව කිසිදු සඳහනක් නොමැති වීම විශේෂත්වයකි. පසුගිය කාලයේ මඳ නිහැඬියාවක සිට කුමක් හෝ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් මාධ්‍ය හමුවට පැමිණීම පුරුද්දක් කර ගෙන සිටි ඔහු පවතින අර්බුදය හමුවේ මේ වන තෙක් මුළුමනින් ම නිහඬ වී සිටී.

මේ අතර රනිල් වික්‍රමසිංහගේ දේශපාලන උපක්‍රමයක් ලෙස රාජපක්ෂ පවුල ඉලක්ක කර ගනිමින් දැඩි ප්‍රහාර එල්ල කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මේ වනවිටත් හෙළි වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *