ගලබොඩ ඥානිස්සර හිමි අපවත් වෙති
කලක් රෝගාතුරව සිටි කොළඹ 02, හුණුපිටිය ගංඟාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගලබොඩ ඥානිස්සර හිමි රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද (02) දහවල් අපවත් වී ඇත. උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ පසුවිය.
අපවත් වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය.
ඒ අනුව අගෝස්තු 05 වනදා සවස විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත් වෙන බව ආදාහන කාරක සභාව දැනුම් දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

