Latestදේශීය

දේශබන්දුට, කමල්‌ට, පොලිස් කොමිසමට නොතීසි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්නට සහ පොලිස් කොමිසමට මෙම මස 09 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින දන්වමින් පෞද්ගලික නොතීසි නිකුත් කිරීමට ඊයේ (01) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් ගොන් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීය.

ඔහු එම පෙත්සම ගොනු කර ඇත්තේ තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බැවින් තම ආරක්ෂාව වැඩිකරන්නැයි ඉල්ලමිනි.

ඒ අනුව එම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව කරුණු දැක්වීම සඳහා ලබන 09 වෙනිදා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න සහ පොලිස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටිනු ඇත.

මෙම පෙත්සම විජිත් මලල්ගෝඩ මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හමුමේ විභාග වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *