ඩයනාට එරෙහි චෝදනා පත්‍ර 07 උසාවියේදී කියවයි
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබාගෙන වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටියේ යැයි කියන හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පැවරූ නඩු හතෙහි චෝදනා කියවාදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේදී ඊයේ (01) සිදු කෙරිණි.
ඇප මත සිටින ඩයනා ගමගේ මහත්මිය විත්ති කූඩුවේ පෙනී සිටීමෙන් අනතුරුව චෝදනා පත්‍ර 07ක් කියවාදීම සිදුකරනු අතර නඩු විභාගය ඔක්තෝබර් 24 වැනි දිනට නියම කෙරිණි.
මේ අතර ආගමන හා විගමන පනත යටතේ වූ වැරදි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

