Latestක්‍රීඩාවිදේශීය

තුර්කියට රිදී පදක්කමක් දිනාගත්තේ ‘හිට්මෑන්’ කෙනෙක් ද?

ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ වායු පිස්තෝල වෙඩි තැබීමේ ඉසව්වට සහභාගී වී, තුර්කිය වෙනුවෙන් රිදී පදක්කම දිනූ තුර්කි වෙඩි තැබීමේ ශූරයා යූසුෆ් ඩිකේක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කතාබහක් නිර්මාණය වී තිබේ.

ඒ, 51 ක් හැවිරිදි යූසුෆ් ඩිකේක් සෙසු තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අභිබවා කැපී පෙනීම නිසාය. සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් ඇසක් ආවරණය කර ගෙන, කන් ආරක්ෂා වීමට ආවරණ පැලඳ සිටි නමුත්, සාමාන්‍ය සරල සුදු පැහැති ටී ෂර්ටයකින් සැරැසී සිටි යූසුෆ් ඩිකේක්, එක් අතක් සාක්කුවේ දමා ගෙන බොහොම සැහැල්ලුවෙන් ඉලක්කයට වෙඩි තබා රිදී පදක්කම දිනා ගත්තේය.

වායු රයිෆල් තරගයකින් තුර්කිය ඔලිම්පික් පදක්කමක් දිනූ පළමු අවස්ථාව මෙයයි.

යූසුෆ් ඩිකේක්, සැහැල්ලුවෙන් සහ කිසිදු ආයාසයකින් තොරව, මෙසේ වෙඩි තබන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය කැලැඹීමට සමත් විය. ඒ, තුර්කිය ඔවුන්ගේ ‘හිට්මෑන්’ කෙනෙකු ඔලිම්පික් යවා ඇතැයි පවසමිනි. ‘හිට්මෑන්’ යනු ලැබෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වන ඝාතකයෙකි. 

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *