Latestවිදේශීය

බංග්ලාදේශය නැවතත් උණුසුම් – යුක්තිය ඉල්ලා සිසුන් මහපාරට

බංග්ලා­දේ­ශයේ පසු­ගි­යදා සිදුවූ විරෝ­ධ­තාව අත­ර­තුර මිය ගිය පුද්ග­ල­යන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සර­සවි සිසුන් නැවත වරක් විදි බැස උද්ඝෝ­ෂ­ණ­යක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අග­මැ­ති­නිය ශෙයික් හසීනා සර­සවි සිසු­න්ගෙන් සමාවගත යුතු බවත්, පසු­ගි­යදා සිදුවූ ගැටුම් සම්බ­න්ධව ඇමැ­ති­වරු 6 දෙනකු ඉල්ලා අස්විය යුතු බවත් කිය­මින් එම විරෝ­ධ­තාව පවත්වා ඇතැයි වාර්තා වේ.

ඩකා අග­නු­වර සහ තදා­ස­න්නන ප්‍රදේ­ශ­වල සර­සවි සිසුන් හා පොලි­සිය අතර ගැටුම් සිදුවූ බවත්, සිල්හෙට් නුව­රදී පොලි­සිය එල්ල කළ කඳුළු ගෑස් පෙරළා ඔවු­න්ටම දමා ගස­මින්ද, පොලිස් නිල­ධා­රීන්ට පහර දීමෙන්ද සර­සවි සිසුන් ප්‍රච­ණ්ඩ­කාරී ලෙස හැසි­රුණු බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

සර­සවි සිසුන්ගේ නව විරෝ­ධ­තා­වට පොලිස් කැරලි මර්දන සෙබ­ළුන් පහ­ර­දීම, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම, අත්අ­ඩං­ගු­වට ගැනීම වීඩි­යෝ­ගත කර විදෙස් මාධ්‍ය වෙත යවා ඇතැයි ද තොර­තුරු වාර්තා වන බව සඳ­හන් වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *