උතුරු මුහුදේ සිද්ධ වුණු දේ නාවික හමුදාව කියයි
යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ දී අනතුරට ලක්වූ ඉන්දීය ධීවර යාත්‍රාවේ සිට මුදාගත් ධීවරයින් දෙදෙනා ඉන්දීය නාවික හමුදාව වෙත භාර දී තිබේ.
පසුගිය ජූලි මස 31 වනදා නාවික හමුදාව විසින් නීතිවිරෝධි ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවර යාත්‍රා පළවා හැරීමට යාමේදී එක් ධීවර යාත්‍රාවක් පෙරළී අනතුරට පත් විය.
එම යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන තිබු අතර ඔවුන් පුංගුඩුතිව් රෝහල වෙත ඇතුළත් කිරීමේ දී එක් ධීවරයෙකු මියගොස් තිබූ බව නාවික හමුදාව පවසයි.
මුදාගත් ඉන්දීය ධීවරයන් දෙදෙනා සහ ජීවිතක්‍ෂයට පත් ධීවරයාගේ මෘතදේහය ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ඉන්දීය නාවික හමුදාවේ නෞකාවක් වෙත භාර දී ඇති බව නාවික හමුදාව පැවසීය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

