Latestදේශීය

ජනාධිපතිවරණ සමයේ මන්ත්‍රිවරුන්ට ගිනිඅවි බෙදයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා එක් අයකුට රිපීටර් වර්ගයේ බෝර් 12 ගිනි අවි දෙක බැගින් බෙදා දීමට හදිසියේ කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීරගේ අත්සනින් යුතුව ලිඛිතව දැනුම් දී තිබේ.

ගිනි අවි ඉල්ලුම් කරන මන්ත්‍රීවරු හට රුපියල් දෙලක්ෂ පනස් අටදහස් දෙසිය දහඅටයි ශත තිස් හයක් (රු.258,218.36), රුපියල් තුන්ලක්ෂ හැට තුන් දහස් එක සිය දාහතයි ශත අසූ නවයක් (363117.89) සහ රුපියල් තුන්ලක්ෂ අසූ හත්දහස් තුන්සිය අසූ හයයි ශත අසූ හතරක් (රු.387,386.84) ආදී වශයෙන් මිල ගණන් තුනක් යටතේ මන්ත්‍රීවරුන්ට තෝරා ගැනීමේ අවස්ථාව ලබා දී ඇත.

ඊට අමතරව වාර්ෂික ගිනි අවි බලපත්‍රය ගාස්තුව රුපියල් 200ක් සහ පතරොම් බලපත්‍ර ගාස්තුව සඳහා රුපියල් 500ක් අය කරන බව එම ලිපියෙන් දැනුම්දී තිබේ.

ජනාධිපතිවරණය ආසන්නයේදී ලබා දීමට සූදානම් වන මෙම ගිනි අවි ආපසු ලබා නොගන්නා බවද දැනුම් දී ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *