පාවෙන ඡන්ද 5%ට වැඩපිළිවෙලක් හදලයි තියෙන්නේ – තිස්ස අත්තනායක
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශකරන අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති ඡන්ද දායකයන්ගෙන් 05% ප්‍රතිශතයක් ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතිබව සම ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මංත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
එම ඉලක්කය ඉතා පහසුවෙන් ජයගත හැකිය.
ඒ හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජය ස්ථිර බව පැවසීය.
සමගි ජන බලවේගය නිසි දැක්මකින් යුතුව කටයුතු කරමින් සිටියි.
ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතට අභියෝග කල හැකි කිසිවෙකු මෙවර ජනාධිපති ධූරයට ඉදිරිපත් නොවන බව පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී 50% ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට අවශ්‍ය වනුයේ 05% ඡන්ද ප්‍රමාණයක් බව පැවසීය.
ඒ සදහා මේවන විට ඡන්ද පොළ මට්ටමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

