Latestක්‍රීඩා

පැරිස් ඔලිම්පික් 2024 – ඇමරිකාව පසුකර චීනය ඉදිරියෙන්

ඔලි­ම්පික් ආධි­පත්‍ය පතු­ර­ව­මින් සිටින ප්‍රබල අමෙ­රි­කාව පසු­ප­සට ඇද දම­මින් මෙතෙක් දිනා­ගත් රන් පද­ක්කම් අතු­රින් චීනය පෙර­මු­ණට පැමිණ සිටී. චීනය වෙඩි තැබිමේ ඉස­ව්ව­ලින් රන් පද­ක්කම් 4ක් දිනා ගෙන ඇති අතර, දිය පිමි ඉස­ව්ව­ලින් රන් පද­ක්කම් 4ක් දිනා ගත්තේය. පිහි­නුම්, මේස පන්දු, මලල ක්‍රීඩා හා පාපැදි ඉස­ව්ව­ලදී රන් පද­ක්කම් එක බැගින් දිනා ඉදි­රි­යෙන් සිටී.

අව­සන් වරට පැවති 2020 ටෝකියෝ ඔලි­ම්පික් උලෙ­ළේදී අමෙ­රිකා ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ රන් පද­ක්කම් 39ක් දිනා ගනිද්දී චීනය එක් රන් පද­ක්ක­ම­කින් පසු­ප­සට ගියේය.

එබැ­වින් මෙවර ඔලි­ම්පික් උලෙ­ළේදී ආර­ම්භයේ සිට අමෙ­රි­කා­වට වඩා චීනය රන් පද­ක්කම් දිනා ගැනී­මේදී යම් පර­ත­ර­යක් ඇතිව සිටීම කැපී පෙනේ. පැරිස් ඔලි­ම්පික් උලෙළ නිමා වීමට තවත් දින 9ක් ඇති බැවින් ඔලි­ම්පික් පද­ක්කම් සට­හන දෙස වැඩි අව­ධා­න­යක් යොමුව පවතී.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *