රාජිත යන්නේ පවුල් ප්රශ්ණ බේරගන්න – සුජීව සේරසිංහ
මතක ඇති කාලයක සිට විවිධ දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ වෙනුවෙන් වක්රව සහ සෘජුව පෙනී සිටිමින් ජනාධිපතිවරුන් සහ ආණ්ඩු නිර්මාණය කිරීමට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ අද වන විට කිසිවක් නොදන්නා පුද්ගලයින් සේ හැසිරෙමින් ජනතාව නොමග යවමින් සිටින බව සමගි ජන බලවේගය පක්ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්රධානී එම පක්ෂයේ උප සභාපති සුජීව සේනසිංහ මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ රට තුළ සිදු වූ මහා පරිහානියට වගකිව යුතු කණ්ඩායම් හතරක් මේ වන විට තමන් විසින් හඳුනාගෙන ඇති බවය.
කොටි සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ, රාජපක්ෂ පවුල සහ මුල සිටම ඩීල් දමමින් දේශපාලනය කළ රනිල් වික්රමසිංහ එම කණ්ඩායම් හතර බවද ඔහු සඳහන් කරයි.
රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගය අතහැර යාමට සුදානම් වන බවට වන ආරංචි මාර්ග සම්බන්ධ විමසු විට ඔහු සඳහන් කර තිබෙන්නේ සේනාරත්න මහතා එලෙස පක්ෂය හැර යන්නේ නම් එය ඔහුගේ පවුලට බලපාන යම් හේතුවක් නිසා සිදුවිය හැකි බවය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

