ලෙබනනයට යන්න එපා
මැද පෙරදිග කලාපයේ හටගෙන තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව පවතින තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරමින් මෙලෙස අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබෙන බව විදේශ කටයුතු ඇමැති අලී සබ්රි මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් විදේශ ඇමැතිවරයා දැනුම්වත් කිරීමක් කර තිබෙන බව අතර ඇමැති අලි සබ්රි මහතා ඒ බව දැනුම් දී ඇත.
කෙසේ වුවද මේ වනවිට ලෙබනනය තුළ ශ්‍රී ලාංකිකයන් 6,000ක් පමණ රැඳී සිටින බව ද වාර්තා වෙයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

