Latestදේශීය

සෝලාර් විදුලි ඒකකයකට රු.37ක් ගෙවීම ස්තීරයි

වහල මත ඉදිකරන සුර්ය බලාගාර සදහා වන ගෙවීම් නොවෙනස් කිරීමට දැනුම් දී තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ තීරණයක් මත ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා ඊට අදාල චක්‍ර ලේඛය නිකුත් කර තිබේ.

ඒ අනුව සොලාර් විදුලි ඒකකයක් සදහා 2022 වසරේ පැනවූ මිල වන රුපියල් 37 ක මුදල බල පැවැත්වෙනු ඇත.

මෙය පුනර්ජ්නනනිය බලශක්ති ක්ෂේත්‍රයට විශාල පිටුවහලක් වනු ඇති බව ක්‍ෂෙත‍්‍රයේ නියැලෙන්නන්ගේ අදහසයි.

විදුලි ඒකකයක් සදහා ගෙවන මුදල රුපියල් 27 දක්වා පහත හෙලන බවට පසුගිය කාලයේ විවිධ අදහස් පල වූ අතර එම හේතුවෙන් සෝලාර් ව්‍යාපෘති සදහා උනන්දුවෙන් පසුවූ පාරිභෝගිකයින් අතර යම් පසුබෑමක් සිදුවිය.

කෙසේ වෙතත් රටක් ලෙස සෝලාර් ව්‍යාපෘතිය සාර්ථකව දියත් කරන්නට ක්‍රියා කරනු ලැබුවහොත් එමගින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉහල යනු ලබන අතර විදුලිය උත්පාදනය සදහා ඉන්ධන ආනයනය කිරීමේ අවශ්‍යතාවය අවම වනු ඇත.

ඉන්ධන ආනයන වියදම් අවම වීමෙන් රටේ ඩොලර් සංචිතය ශක්තිමත් කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි ආර්ථික විද්‍යාඥයින් ද පෙන්වා දෙන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *