Latestදේශීය

අපේ ගෙවල් ගිනිතිබ්බේ නාමල්ලාගේ වරදින් – එස් එම් චන්ද්‍රසේන

අරගලය සමයේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිගත්තේ නාමල් රජපක්ෂලාගේ වරදින් යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිතැබීම සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

පොහොට්ටු පක්ෂ මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සඳහන් කළේ තමන්ගේ සහ මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහගේ නිවාසවලට ගිනිතැබීම “හොඳ වැඩක්” යැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළ බවයි.

තවදුරටත් එයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සඳහන් කළේ, මන්ත්‍රී අතුකෝරළ ජීවිතය අහිමිවීමටද නාමල් රාජපක්ෂලා වගකිවයුතු බවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *