Latestක්‍රීඩාදේශීය

තරුෂි කරුණාරත්න පළමු වටයෙන් ඉවතට

‘පැරිස් 2024’ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව ඉහළ බලාපොරොත්තුවත් තබා සිටි ඉසව්වක් වූ තරුෂි කරුණාරත්නගේ කාන්තා මීටර 800 ඉසව්වේ අවසන් බලාපොරොත්තුවත් අද (03දා) සම්පූර්ණයෙන් බොඳවී ගියේය.

මෙම ඉසව්වේ මූලික වටය තරග මෙරට වේලාවෙන් ඊයේ (02දා) රාත්‍රියේදී පැවැති අතර, එහිදී තරුෂි 06වැනි මූලික තරගයට (Heat – 6) සහභාගි විය.

කෙසේ නමුත් එහිදී මිනිත්තු 2:07.76කින් තරගය අවසන් කළ ඇයට අවසන් ස්ථානයෙන් සැහීමට පත්වීමට සිදුවිය.

කෙසේ නමුත් එම තරගයේදී ඇය දැක් වූ කාලය අනුව අද දිනයේදී නැවත වරක් තරග වැඳීමේ දෙවැනි අවස්ථාවක් හිමිවිය.

ඒ අනුව එම තරගය මෙරට වෙලාවෙන් අද ප.ව. 3.15ට පැවැති අතර, එහි 04වැනි මූලික තරගයට තරුෂි සහභාගි විය.

කෙසේ නමුත් එහිදීද 07වැනි ස්ථානයෙන් සැහීමට ඇයට සිදුවිය. තරුෂි වාර්තා කළ කාලය දැක්වූයේ මිනිත්තු 2:06.66ක් ලෙසිනි.

තරුෂිට හිමිවූ මෙම දෙවැනි අවස්ථාව නැතිනම් Repechage round යනු මූලික වටයේ අසාර්ථක වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලබාදෙන දෙවැනි අවස්ථාවක් වන අතර, ඔලිම්පික් ඉතිහාසයට මෙවන්නක් හඳුන්වාදුන් පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකෙයි.

තරුෂි සහභාගි වූ තරග ඉසව්වේ මූලික වටයේ සෑම අදියරකම පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගත් ක්‍රීඩිකාවන් 18 දෙනෙකු ඍජුවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

ඒ අනුව ක්‍රීඩිකාවන් 24 දෙනෙකුට අවස්ථාව හිමිවන මෙම වටයෙන් සෙසු ක්‍රීඩිකාවන් 06 දෙනා තීරණය වන්නේ තරුෂි තරගවැඳුණු මෙම දෙවැනි අවස්ථාව තරගයෙන්ය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *