පොහොට්ටු ප්‍රභලයින් රැසක් දොට්ට – අනුරාධපුරය නාමල්ට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත එහි දිස්ත්‍රික්ක කිහිපයක නායක ධූර සංශෝධනයකට ලක් කර තිබේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කර රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා එම තනතුරට පත් කර තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වයෙන් එස්. එම්. චන්ද්‍රසේන මහතා ඉවත්කර එහි වැඩ බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර ඇත.
අමාත්‍ය කංචන විජේසේකර මහතා දැරූ මාතර දිස්ත්‍රික් නායකත්වය ඉවත් කර එහි වැඩ බැලීමට නිපුණ රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පත් කර ඇත.
ගාල්ල දිස්ත්‍රික් නායකත්වයෙන් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඉවත්කර රාජ්‍ය ඇමති මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා එහි වැඩ බැලීමට පත් කර ඇත.
මෙම අමාත්‍යවරුන් එම ධුරවලින් ඉවත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරියේදී සහාය දැක්වීමට තීරණය කිරීම හේතුවෙනි.
එමෙන්ම තවත් දිස්ත්‍රික්ක ගණනාවක දිස්ත්‍රික් නායකයන් ජනාධිපතිවරයාට සහාය දක්වමින් කටයුතු කරන නිසා එම තනතුරුනල වැඩ බැලීමට පුද්ගලයන් පත් කිරීමට නියමිතව ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

