බලංගොඩ අනතුර සිදුකළ රියදුරු සහ ලොරිය අත්අඩංගුවට
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ප්‍රදේශයේ දි යතුරු පැදියක් අනතුරට ලක් කර හත් හැවිරිදි දැරියකට තුවාල සිදුකර පලා ගොස් නැවත 32 හැවිරිදි පියා විදුලි කණුවක හප්පා මරණයට පත් කිරිම සිදුකල බව කියන ලොරි රථය බලන්ගොඩ මාවවෙල ප්‍රදේශයේ සගවා තිබියදිි (03) දා සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ මාවෙල ප්‍රදේශයේ පදිංචි එම සිද්ධියට සමිබන්ධ රියදුරු අත්අඩංගුවට ගැනිමෙන් පසු ඔහුගෙන් ලබා ගත් තොරතුරු මත මෙම ලොරි රථය සොයා ගෙන ඇත. යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත.
ඉකුත් (01) දා සවස බලන්ගොඩ නගරයේදි මෙම ලොරි රථ රියදුරු විසින් යතුරු පැදියක ලොරි රථය හප්පා හත් හැවිරිදි දැරියකට තුවාල සිදු කර පලා ගොස් තිබුණි .
පසුව එම දැරියගේ පියා සිය යතුරු පැදියෙන් ලුහුබැඳ ගොස් ලොරි රථයේ රියදුරු අසුන පැත්තේ ඇති දොරට නැග රියදුරු බස්සවා ගැනිමට උත්සාහ කර තිබුණ අතර එහිදී ලොරි රියදුරු විසින් ලොරි රථය විදුලි කණුවක හප්පා පල්ලෙබැද්ද ,අමිබැවිල ප්‍රදේශයේ පදිංචි තිලිණ රංගලාල් නැමති අයෙකු මරණයට පත් කර පලාගොස් තිබු බවට සිදුකල මුලික විමර්ශනවලදි අණාවරය වු බව පොලිසිය පැවැසීය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

