හමාස් නායකයා මියගියේ ගොඩනැගිල්ලට ඇටවූ බෝම්බරයකින්
හමාස් නායකයා මිය ගියේ ගුවන් ප්‍රහාරයකින් නොව ඔහු නවාතැන් ගෙන සිටි ගොඩනැඟිල්ලේ සවි කර තිබූ බෝම්බයක් පිපිරීමෙන් බව අමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. එම බෝම්බය මීට මාස දෙකකට පෙර එහි සඟවා තිබී ඇතැයි ද, දුරස්ථ පාලකයක් මගින් පුපුරුවා හැර ඇතැයි ද එම වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඉරානයේ නව ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීමට ටෙහෙරාන් නුවරට ගිය හමාස් නායකයා උතුරු ටෙහෙරානයේ ගොඩනැඟිල්ලක නවාතැන් ගෙන ඇති අතර, එම ගොඩනැඟිල්ල ඉරාන විප්ලවීය හමුදාවේ හිටපු නිලධාරින්ගේ නේවාසිකාගාරයක් බව වාර්තා වේ. එය ඔහු ඉරානයට පැමිණෙන බොහෝ අවස්ථාවලදී නවාතැන් ගන්නා ස්ථානය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බෝම්බය පිපිරීමෙන් ගොඩනැගිල්ල දරුණු සෙලවීමකට ලක්වී ඇති අතර, බිත්තියේ කොටසක් ද, කවුළු කිහිපයක් ද කඩා වැටී ඇතැයි වාර්තා වේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

