ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.
එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙයි.
නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දක්වා තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දන්වා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

