පාර්ලිමේන්තු මාර්ගයේ රිය අනතුර – අධික වේගය අනතුරට හේතුවයි
පාර්ලිමේන්තු මාර්ගයේ අද (03) සිදු වූ මාරක රිය අනතුරකින් තරුණයකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
මියගිය තරුණයා වයස අවුරුදු 16 ක අයෙක් වන අතර මෝටර් රථයේ අධික වේගය අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කළේය.
අද පෙරවරු 10.30ට පමණ මෙම අනතුර සිදුවී තිබුණේ පාර්ලිමේන්තු මාර්ගයේ යුද හමුදා ස්මාරකය ඉදිරිපිටදීය.
එම අනතුර තවත් මෝටර් රථයක තිබූ පසුපස කැමරාවක සටහන්වී තිබුණි.
මෝටර් රථය අධික වේගයෙන් පැමිණ මාර්ගයේ අනෙක් පසට ගමන් කර එම තීරුවේ පැමිණි වෑන් රථයක ගැටෙන අයුරු එහි සටහන්ව තිබුණි.
අනතුර සිදුවීමට පෙර මෝටර් රථයේ රියදුරු අධික වේගයෙන් එය ධාවනය කරන අයුරු එහි සිටි අයෙක් ජංගම දුරකථනයක රූගත කර තිබුණි.
අනතුරින් මෝටර් රථය දෙකඩ වී ඇත.
අනතුර සිදුවන විට මෝටර් රථයේ පුද්ගලයන් 4ක් ගමන් කර ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
මෝටර් රථයේ ගමන් ගත් අයෙක් මේ වනවිට තලංගම පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
අනතුරට ලක් වූ වෑන් රථය කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයට අයත් රථයක් වන අතර එහි සිටි කාන්තාවක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අනතුර සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

