Latestදේශීය

බැසිල් නිහඬතාවය බිඳ ප්‍රතිප්‍රහාරයට සැරසේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහයෝගය රනිල් වික්‍රමසිංහ වෙත ලබා නොදෙන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව දැඩි නිහඬතාවයක සිටින බැසිල් රාජපක්ෂ ප්‍රබල ප්‍රතිප්‍රහාරයකට සූදානමින් සිටින බවට ඇතැම් දේශපාලන විශ්ලේෂකයින් මත පළ කරති.

පොදුජන පෙරමුණ එම තීරණය ගැනීමෙන් පසුව රාජපක්ෂ පවුලට එරෙහිව මෙයට පෙර ප්‍රහාර එල්ල නොකළ එම පක්ෂයේ මැති ඇමතිවරු පවා දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටිති. මෙම තත්වය විශේෂයෙන් ම බැසිල් රාජපක්ෂ දැඩි සැලකිල්ලට ගනිමින් සිටින බව එම විශ්ලේෂකයන් තව දුරටත් පෙන්වා දෙති.

ඇතැම් අය මත දක්වන්නේ අදාළ ප්‍රහාරකයින් සියලු දෙනා සම්බන්ධ වංචා දූෂණ ෆයිල් සියල්ල ම බැසිල් රාජපක්ෂ සතුව පවතින බවයි. ඔහු යම් මොහොතක රූපවාහිනී නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් අදාළ ෆයිල් සියල්ල පිළිබඳව හෙළිදරව් කිරීමට ඉඩ ඇති බව එම විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. එය තනි පාර්ශවයක් ලෙස රාජපක්ෂ පවුල මත සියලු වංචා දූෂණ පිළිබඳව වගකීම් පැවරෙන මොහොතක එයට එරෙහිව “මරාගෙන මැරෙන වර්ගයේ“ ප්‍රතිප්‍රහාරයක් වනු ඇති බවට අනාවැකි පළ වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *