Latestදේශීය

ලක්ෂ 40ක් ජනාධිපතිවරණය පිළිබදව තවම තීරණය ගෙන නැහැ

රාජ්‍ය බුද්ධි අංශ විසින් ඉදිරි ජනාදිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ මේ වන විට ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඡන්දය භාවිතා කරන කරන්නේ කාටදැයි මෙතෙක් තීරණය කර නැති බවයි.

බුද්ධි අංශ විසින් පසුගිය දින කිහිපයේ ඉතා සියුම් ලෙස සිදු කරන ලද සමීක්ෂණවලදී මෙම කරුණු හෙළි වී තිබේ.

බොහෝ පිරිස් ජනාධිපතිවරණයේදී මනාපය පළ කරන අපේක්ෂකයා අවසාන සති කීපයේදී තෝරාගනු ඇති බවද එහිදී හෙළි වී තිබේ.

අපේක්‍ෂකයන්ගේ ජනප්‍රියත්වය, ඔවුනට රට ගොඩනැගීමට ඇති වැඩපිලිවෙල, රටේ පවතින දේශපාලන තත්ත්වය ආදී කරුණු සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම පිරිස තම අපේක්ෂකයා තෝරා ගැනීමට සූදානමින් සිටියි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ලක්ෂ දහයකට වැඩි පිරිසක් තම මුල්ම ඡන්දය ප්‍රකාශ කිරීමටද නියමිතව ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *