Latestදේශීය

ලොරියේ හුලං ඇරපු පොලිස් නිළධාරියාගේ වැඩ තහනම්

වත්තල පොලීසියට අනුයුක්ත රථවාහන රාජකාරී සිදුකරන පොලිස් සැරයන්වරයකු මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ඉදිරිපස රෝදයේ හුළං යවන රූපරාමු පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

පොලීසිය පැවසුවේ අදාළ පොලිස් සාජන්වරයා සිදුකරන එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බැවින් (03) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලධාරියාගේ වැඩ තහනම් කළ බවය.

මේ අතර චෝදනා පත්‍රයක් ඔහුට ලබාදී අදාළ සිදුවීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

එම පොලිස් නිලධාරියා එහිදී පවසන්නේ මාර්ගයේ ගමනාගමනයට බාධාවීම හේතුවෙන් එලෙස හුළං යැවූ බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *