Latestදේශීය

මේ ආන්ඩුව තව දවස් 46යි තියෙන්නේ – ජී එල් පීරිස්

(යොහාන් භාසුර)
වසර දෙකකට පෙර පාර්ලිමේන්තුවේ ඡන්ද 134 කින් පත්වූ වර්තමාන අනුප්‍රාප්තික  ජනාධිපතිවරයාට අද වන විට මන්ත්‍රීවරු 92 පමණක් සහය ඇති බවත් ආණ්ඩුවට සරල බහුතරය පවා අහිමිවී ගොස් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (4) පැවසීය.

වත්මන් ආණ්ඩුවේ ආයු කාලය තව දින 46 කින් අවසන් වන බව කී පීරිස් මහතා වත්මන් විපක්ෂ නායකවරයාගේ ජය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්ති අඩිතාලමක් කරගෙන මෑත කාලයේ බිහිවූ දැවැන්ත සන්ධානය මේ මස 8 වැනිදා බිහිවන බව ද සඳහන් කළේය.

කොළඹ අද පැවති මාධ්‍ය  හමුවකදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

මෑත කාලය තුළ කිසිදිනක නොවූ ආකාරයට වත්මන් ආණ්ඩුව අධිකරණයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවත් වත්මන් ජනාධිපතිවරයා අධිකරණ පද්ධති අකර්මණ්‍ය කිරීම ප්‍රසිද්ධියේ අධිකරණ  විනිසුරුවරුන්  විවේචනය කරන බවත් ඒ මහතා කීය.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *