සජබ ජයග්‍රහණය ද? අභ්‍යන්තර පුපුරායාමක් ද?
ලබන 08 වෙනි දින සමගි ජන සන්ධානය පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීමට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පිරිසක් සූදානම් වෙමින් සැසුම් කරමින් සිටින අතර අලුතින් එක්කර ගත් පිරිස සහ පැරණි මන්ත්‍රීවරු අතරේ බෙදීම් තීව්‍ර වෙමින් ඇති බව වාර්තා වේ.
ඊයේ (03) රාත්‍රිය වනවිට වාර්තා වූයේ එම ආණ්ඩුවක අගමැති ධුරය අපේක්ෂාවෙන් සිටි රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවට මහාචාර්ය ජී. එල්. පීරිස් ආදේශ වෙමින් ඉදිරියට එමින් සිටින බව ය. ඊට අමතරව මුදල් අමාත්‍ය ධුරය අපේක්ෂා කළ ආචාර්ය හර්ෂ ද සිල්වා වෙනුවට ආචාර්ය නාලක ගොඩහේවා මේ වනවිටත් සජිත් ප්‍රේමදාස හමුවේ තහවුරු වී සිටී.
මේ අතර කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න, එම්. එස්. මරික්කාර් ඇතුළු මන්ත්‍රීන් අභිබවා අලුතින් එක් වූ චරිත හේරත්, ඩලස් අලහප්පෙරුම වැනි අය සජිත් ප්‍රේමදාස හමුවේ තම ස්ථානය තහවුරු කර ගෙන ඇතැයි වාර්තා වේ. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, තලතා අතුකෝරාල සහ රාජිත සේනාරත්න වැනි විශාල පිරිසක් මේ වනවිට ද නිහඬතාවයක සිටීම කෙරෙහි දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමු වී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

