Latestදේශීය

රෝහිතත් රාජපක්ෂවරුන්ට සමුදෙයි – රනිල්ගේ කඳවුරට ගොඩවෙයි

(යොහාන් භාසුර සහ සුමිත් පොතුපිටිය)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.

කළුතර දිස්ත්‍රීක් ජනතාව, දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නාගරික, ප්‍රාදේශීය මන්ත්‍රීතුමන්ලාගේ බලවත් ඉල්ලීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීමට තීරණය කළ බවත් ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කළුතරදී අද පෙරවරුවේ විශේෂ ජන හමුවකදී ඒ මහතා මෙම තීරණය ගත්තේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *