ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක්
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ගම්මාන කීපයකට එල්ල කළ ප්‍රහාරවලට පිළිතුරු වශයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා අංශ සාමාජිකයන් දෙදෙනකුට තුවාලවූ බවත් ඉන් ගින්නක් ඇතිවූ බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශය ප්‍රකාශ කළේය. හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හානියේ ඝාතනයට පිළිතුරු ලෙස ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට පහර දෙනු ඇතැයි මත පළකර ඇති මොහොතක මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ලවී ඇත.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

