Latestවිදේශීය

අද ඊශ්‍රායලයට පහර දෙනවා

ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද (5) දිනය ඇතුළත ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අනතුරු අඟවයි.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් ‘ජී7’ රටවල් සමඟ ද සාකච්ඡා පවත්වා ඇත.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මෙසේ අනතුරු ඇගවූයේ ඇමෙරිකන් බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුවය. ඊශ්‍රායලයට එරෙහිව එල්ල වන ඕනෑම ප්‍රහාරයකදී ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දක්වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අනතුරු ඇගවා ඇත.

ඉරානයෙන් හෝ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීමට තමන් සූදානම් බව ඊශ්‍රායලය පවසා ඇත.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *