Latestදේශීය

අපේ රටත් දියුණු වෙනවා දකින්න අපි ආසයි

විදේශ රටවල් සමඟ කරට කර තරඟ කළ හැකි දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා දැකීම සියලුම දෙනාගේ අපේක්ෂාව බව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ රන් පදක්කම්ලාභිනී, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරිනී පුෂ්පමාලී රාමනායක අවධාරණය කරන්නීය.

ඇය මේ බව අවධාරණය කළේ ජාතික ජන බලවේගයේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ජාතික සමුළුව අමතමිනි. ඇයි වැඩි දුරටත් දැක්වූ අදහස් පහත දැක්වේ.

විදේශ තරග රැසකට සහභාගි වෙමින් අපේ ජාතික කොඩිය ඉහළට ඔසවා අභිමානයක්, කීර්තියක් අපේ රටට ගෙනාවා. රන් පදක්කම්, රිදී පදක්කම්, ලෝකඩ පදක්කම් රැසක් දිනා ගත්තා. නමුත් ඒ අභිමානය අද අපේ රට තුළ තිබෙනවාද කියන එක ගැන කනගාටු වෙනවා. මගේ ක්‍රීඩා හැකියාව නිසා රටවල් විශාල ප්‍රමාණයකට යන්න අවස්ථාව උදා වුණා. ඒ රටවල් කොතරම් දියුණුද, ඒ ජනතාව කොයිතරම් පහසුකම් භුක්ති විඳිනවාද යන්න මට අත්විඳින්න ලැබුණා. අපේ රට අපි ඉපදුණු දවසේ සිට සංවර්ධනය වෙමින් පවතින රටක්. අද ඊටත් වඩා පහත් තැනකට වැටිලා තිබෙනවා. ඒ ගැන අපි ඉතාම කණගාටු වෙනවා. අපි ආසයි අපේ රටත් දියුණු රටක් වෙනවා දකින්න. ඒ රටවල ජනතාවට පොඩි වෙළඳසලකට ගියත් ලොකු වෙළඳසලකට ගියත් එක හා සමාන පහසුකම් විඳින්න පුළුවන්. ඒ රටවල පාලකයන් ඒ රටේ වැසියන්ට උසස් ජීවිතයකට අවස්ථාව සලසා දී තිබෙනවා. අපි හැමදාම හිතනවා අපේ රට ඒ වගේ තත්වයකට පත්වෙන්නේ කවද්ද කියලා.
විශ්‍රාම ලැබුවාට පස්සේ කල්පනා කළා, අපටත් හොඳ විදිහට ජීවත් වෙන්න ඕනෑ, ඒ සඳහා මාවත කොතනද තියෙන්නේ කියලා. ඒ අනුව තමයි මම ජාතික ජන බලවේගය තෝරා ගත්තේ. අපි “ගැහැනු එක මිටට” කියන තේමාව යටතේ ඓතිහාසික රැලි මාලාවක් මාතරින් ආරම්භ කර ලංකාව පුරාම පැවැත් වුවා. ඒ වගේම කොට්ඨාස සභා පිහිටුවමින් ජනතාව දැනුවත් කරමින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය උදෙසා කටයුතු කරනවා. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය, විජයග්‍රහණයක් කර ගැනීමට ඔබ සැමගේ සහයෝගය ලබාදෙන්නැයි ඉල්ලනවා.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *